නිවස හදන්න පටන් ගන්නේ කොහොමද?
වැඩ පටන් ගැනීමට පෙර තීරණ ගන්න. වැඩ පටන් ගත්තට පස්සේ තීරණ ගන්න එපා.
- අනුමත නිවාස සැලැස්ම, Structural Drawing, Electrical / Plumbing layouts සහ door-window schedules එකම drawing register එකක තහවුරු කරන්න.
- ඉඩමේ මායිම්, access road, building line, setbacks, benchmark level සහ utility connections පරීක්ෂා කරන්න.
- BOQ / budget baseline එක freeze කරලා “කීයක් වියදම් කරන්න පුළුවන්ද?” කියන සීමාව මුලින්ම තීරණය කරන්න.
- Project start date, target completion date, stage sequence සහ cash-flow expectation එක ලියා තබන්න.
- Contractor / labour / supplier පාර්ශව කවුද, කවුද approve කරන්නේ, කවුද ගෙවීම් authorize කරන්නේ කියලා වගකීම් වෙන් කරන්න.














